කාර්යභාරය

1. සත්ව සෞඛ්‍ය කටයුතු

  • 50% රාජ්‍ය මුල්‍ය දායකත්වය මත ගවගාල් ඉදි කිරීම
  • ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම
  • බුරුළු ප්‍රදාහ මර්ධන වැඩසටහන
  • පශු ජංගම සායන පැවැත්වීම

2. සත්ව අභිජනන කටයුතු

  • ගව අභිජනන වැඩසටහන-කෘතීම සිංචන,ගැබ් පරීක්ෂාව,වසුපැටව් උපත් වාර්ථා කිරීම
  • වැස්සි පැටව් ඇති දැඩි කිරීමේ යෝජනා ක්‍රමය
  • අභිජනන ගැටළු සහිත සතුන්ට ප්‍රතිකාර කිරීම
  • මද සමායෝජන වැඩසටහන් පැවැත්වීම
  • ගව අභිජනන ගොවිපල පිහිටුවීම

3. සතුන් බෙදා දීම

  • රාජ්‍ය මුල්‍ය දායකත්වය මත උසස් ආරයේ කිරි ගව දෙනුන් ලබාදීම
  • රාජ්‍ය මුල්‍ය දායකත්වය මත එළුගවයන් ලබා දීම
  • රාජ්‍ය මුල්‍ය දායකත්වය මත මසක් වයසැති කිකිලි පැටව් ලබා දීම

4. සත්ව පෝෂණය

  • පෝෂ්‍ය තෘණ ඒකක ස්ථාපනය හා තෘණ බිම් සංවර්ධනය
  • සයිලේජ් සකස් කිරීමේ බැරල් ලබාදීම

5. ගොවිපල යාන්ත්‍රිකරණය කිරීම

  • තෘණ කැබලි කිරීමේ යන්ත්‍ර ලබාදීම
  • කිරි දෙවීමේ යන්ත්‍ර ලබාදීම
  • තෘණ කැපීමේ යන්ත්‍ර ලබාදීම

6. පශු ගොවිපල ඒකක සංවර්ධනය

  • කුඩා හා මධ්‍යම පරිමාණ කිරි ගොවිපල,කුඩා මධ්‍යම පරිමාණ කිකිළි ගොවිපල හා කුඩා පරිමාණ එළු ගොවිපල පිහිටුවීම,සුකර ගොවිපල පිහිටුවීම

7. ගොවීන්ට තාක්ෂණ දැනුම ලබාදීම

8. අලෙවි සංවර්ධනය හා කිරිවල තත්වය ප්‍රවර්ධනය

  • කිරි එකතු කිරීමේ මාර්ග ස්ථාපනය යටතේ කිරි එකතුකිරීමේ මධ්‍යස්ථාන සඳහා උපකරණ ලබාදීම
  • පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්විම
  • කිරි කෑන් ලබාදීම
  • ස්වයංපාලිත කිරි ගොවි සංවිධාන සවිබල ගැන්විම
  • කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා ආධාර හා තාක්ෂණය ලබාදීම

9. ගොවිපල ලියාපදිංචිය හා ගොවිපල සතුන් හදුනා ගැනීම

  • සතුන් හදුනාගැනීම සඳහා කන්සලකුණු කිරීම
  • සත්ව ගොවිපල ලියාපදිංචිය

10. බොරලන්ද රජයේ සත්ව ගොවිපල

බොරලන්ද සත්ව ගොවිපල තුල ප්‍රධාන වශයෙන් ගව ඒකකය හා කුකුළු ඒකකය ස්ථාපිත කර ඇත.

ගව ඒකකය

  • ආනයනික එළ ගව ඒකකය
  • මී ගව ඒකකය
  • යෝගට් නිෂ්පාදන ඒකකය
  • මී කිරි කිෂ්පාදන ඒකකය

කිකිලි පැටවුන් දැඩි කිරීමේ ඒකකය

  • බිත්තර ඒකකය
  • තාරා ඒකකය
  • වටු කුරුලු ඒකකය
  • ගම් කුරුලු ඒකකය
  • විසිතුරු සත්ව ඒකකය

බොරලන්ද රජයේ සත්ව ගොවිපලේ ස්ථාපිත අළෙවි මධ්‍යස්ථානයෙන් ලබා ගත හැකි නිෂ්පාදන

  • මී කිරි බදුන්( මි:ලි 500)
  • බිත්තර
  • ගම් බිත්තර
  • දියර කිරි
  • යෝගට්
  • කාබනික පොහොර
  • ගිතෙල්
  • අයිස් යෝගට්
  • තාරා බිත්තර
  • වටු බිත්තර