සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව – ඌව පළාත
කිරිගව ආහාර මිලදි ගැනීම සඳහා ප්‍රසම්පාදන දැන්වීමයි.
ඌව පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කයන්හි පිහිටි පශු වෛද්‍ය නිළධාරි කාර්යාල වෙත බෙදාදීම වෙනුවෙන් පහත සඳහන් ගව ආහාර ඌව පළාතේ පශු වෛද්‍ය නිළධාරි කාර්යාල 32 වෙත ප්‍රවාහනය කර සැපයීම සඳහා ජාතික තරඟකාරීත්ව ලංසු කැඳවීමේ ක්‍රමය යටතේ ලංසු කැඳවනු ලැබේ.
| අ.අ | ආහාර වර්ගය | අවශ්‍ය ප්‍රමාණය | ආපසු ගෙවන ටෙන්ඩර් තැන්පතු (රු.) බැංකු හෝ මුදල් සුරක්ෂණ | ආපසු නොගෙවන ගාස්තුව (රු.) | ලංසු වලංගු කාලය |
ලංසු සුරක්ෂණය වලංගු විය යුතු දිනය
|
| 1 | Dairy/Pregnant Cows Concentrate Feed (කිරි ගව ආහාර) | ໖.໑໗ 1,232,500 (කි.ග්‍රැ 25 මිටි 49,300) | 550,000.00 | 2,000.00 | 2026.06.26 | 2026.07.24 |
-
මේ සඳහා උනන්දුවක් දක්වන, සුදුසුකම්ලත් ලංසුකරුවන්/නියෝජිතයින් හෝ නම් කළ නියෝජිතයින් සඳහා 2026.03.13 දින සිට 2026.04.06 දින දක්වා රාජකාරි දිනයන්හි පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ලිඛිත ඉල්ලීමක් හා ආපසු ගෙවනු නොලබන ගාස්තුව ගෙවීමෙන් අනතුරුව ලංසුපත් ලබාගත හැකිය. අවශ්‍ය සුදුසුකම් ලංසු ලේඛනයේ සඳහන් කර ඇති අතර ඌව පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත පැමිණ අදාළ ලේඛන නොමිලේ පරීක්ෂා කර බැලිය හැක.
-
ගව ආහාර සඳහා සත්ව ආහාර පනත යටතේ පේරාදෙණිය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සත්ව ආහාර ලේඛකාධිකාරි මඟින් ප්‍රමිතියෙන් යුතු වාණිජ නිෂ්පාදනයක් බව තහවුරු කිරීම සඳහා නිකුත් කරන ලද ලියාපදිංචි සහතිකය (2025 හෝ 2026) ඉදිරිපත් කළ යුතුය. තව ද ගව ආහාර සම්බන්ධව මෑතකදි ලබා ගත් විශ්ලේෂණ වාතාවක් ලංසු පත් සමඟ ඉදිරිපත් කළ යුතුය. ලංසු ඉදිරිපත් කිරිමේදි ඔබ ආයතනයේ ලියාපදිංචි සහතිකයේ පිටපතක් ද, VAT ලියාපදිංචි සහතිකයේ පිටපතක් ද ඇමිණිය යුතුය.
-
අනු පිටපතකින් යුක්තව සම්පුර්ණ කරන ලද ලංසු ” මුල් පිටපත ‘” හා ” අනු පිටපත ” යනුවෙන් සලකුණු කර වෙන් වෙන්ව කවර දෙකක බහා මුද්‍රා තබා ලිපි කවරයේ වම් පස ඉහළ කෙළවරේ ” ගව ආහාර සඳහා මිල ගණන් ඉදිරිපත් කිරීම ” යනුවෙන් සඳහන් කර 2026.04.07 දින ප.ව. 2.00 හෝ ඊට පෙර ලැබෙන සේ සභාපති, ප්‍රසම්පාදන කමිටුව, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, දයා ගුණසේකර මාවත, බදුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ ඉහත ලිපිනයේ ගණකාධිකාරි නිල කාමරයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලීමෙන් ලබා දිය හැක.ප්‍රමාද ලංසු ප්‍රක්ෂේප කරනු ලැබේ.
-
ඉදිරිපත් කරනු ලබන ලංසු 2026 ජුනි මස 26 දිනය දක්වා වලංගු විය යුතුය.
-
ඉහත කිරි ගව ආහාර සඳහා ලංසු සුරක්ෂණයක් (Bid Security) ලංසු ලිපි ලේඛන වල දක්වා ඇති ආකෘතියට අනුකූලව ලේකම්, කෘෂිකර්ම අමාත්‍යංශය නමට ඉදිරිපත් කළ යුතු අතර, එය 2026.07.24 දිනය දක්වා වලංගු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කර ඇති රාජ්‍ය/වාණිජ බැංකුවකින් ලබා ගත් ලංසු සුරක්ෂණයක් විය යුතුය.
-
පූර්ව ලංසු රැස්වීමක්, ඌව පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ දී 2026.03.23 දින ප.ව 2.00 ට පැවැත් වේ.
-
2026.04.07 දින ප.ව. 2.30ට ඌව පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේ දී ලංසුපත් විවෘත කිරිමට නියමිත අතර, ඒ සඳහා ඔබට හෝ ඔබගේ බලයලත් නියෝජිතයෙකුට සහභාගී විය හැකිය.
-
කවර හෝ ලංසුවක් භාර ගැනීමේ හෝ ප්‍රක්ෂේප කිරීමේ පූර්ණ අයිතිය අමාත්‍යංශ ප්‍රසම්පාදන කමිටුව (MPC) සතු වන අතර ප්‍රසම්පාදන කමිටුවේ තීරණය අවසාන තීරණය වනු ඇත.
ඉහත කරුණු සම්බන්ධව යම් විමසීමක් කිරිමට අවශ්‍ය වේ නම් පහත නම් සඳහන් නිළධාරි සම්බන්ධ කරගත හැකිය. නම – ඩබ්.ඩබ්.එන්. ලක්මාලි මිය, තනතුර – සංවර්ධන නිළධාරි, දුරකථන අංකය -0552228646/0552222698
සභාපති,
අමාත්‍යංශ ප්‍රසම්පාදන කමිටුව,
ඌව පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව,
දයා ගුණසේකර මාවත,
බදුල්ල
Recent Comments