සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව – ඌව පළාත
සත්ව ආහාර හා අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන දැන්වීමයි.

ඌව පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කයන්හි පිහිටි පශු වෛද්‍ය නිළධාරි කාර්යාල වෙත බෙදාදීම වෙනුවෙන් පහත සඳහන් එළගව පැටව් ආහාර ඌව පළාතේ පශු වෛද්‍ය නිළධාරි කාර්යාල 32ක වෙත ප්‍රවාහනය කර සැපයීම සඳහා හා පහත සඳහන් උපකරණ බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කයන්හි පිහිටි නියෝජ්‍ය පළාත් අධ්‍යක්ෂ කාර්යාල වෙත ප්‍රවාහනය කර සැපයීම සඳහා ජාතික තරඟකාරීත්ව ලංසු කැඳවීමේ ක්‍රමය යටතේ ලංසු කැඳවනු ලැබේ.

අ.අ අයිතමය වාර්ෂික අවශ්‍ය ප්‍රමාණය ආපසු ගෙවන ලංසු සුරක්ෂණ (රු.) බැංකු හෝ මුදල් සුරක්ෂණ ආපසු නොගෙවන ගාස්තුව (රු.) ලංසු වලංගු කාලය
ලංසු සුරක්ෂණය වලංගු විය යුතු දිනය
1 Calf Starter Feed (එළගව පැටව් ආහාර) 129,900 (අවශ්‍යතාවය අනුව කි.ග්‍රැ 01,05 හෝ 10 ලෙස බෑග් සකසා දිය යුතුය) 90,000.00 2,000.00 2026.06.12 2026.07.10
3 කිරි බෝතල් (වැස්සි පැටවුන්ට කිරි ලබාදීම සඳහා) 294 (ලීටර් 2.5-3) 3,500.00 2,000.00 2026.05.15 2026.06.12
4 සයිලේජ් බැරල් 114 (ලීටර් 240) 7,500.00 2,000.00 2026.05.15 2026.06.12
5 කිරි දෙවීමේ යන්ත්‍ර 19 30,000.00 2,000.00 2026.05.15 2026.06.12
6 තෘණ කැබලි කිරීමේ යන්ත්‍ර 61 (750kg/h) 40,000.00 2,000.00 2026.05.15 2026.06.12
7 තෘණ කැපීමේ යන්ත්‍ර 70 15,000.00 2,000.00 2026.05.15 2026.06.12
8 ගව ගාල් සඳහා කාපට (Cow Carpet) 61 15,000.00 2,000.00 2026.05.15 2026.06.12
9 කිරි කෑන් ලීටර් 10 (SS)කිරි කෑන් ලීටර් 20 (SS)කිරි කෑන් ලීටර් 40 (SS)කිරි කෑන් ලීටර් 10 (Aluminium)කිරි කෑන් ලීටර් 20 (Aluminium)කිරි කෑන් ලීටර් 40 (Aluminium) 9171241830 45,000.00 2,000.00 2026.05.15 2026.06.12
  1. මේ සඳහා උනන්දුවක් දක්වන, සුදුසුකම් ලත් ලංසුකරුවන්/නියෝජිතයින් හෝ නම් කළ නියෝජිතයින් සඳහා 2026.03.13 දින සිට 2026.03.26 දින දක්වා රාජකාරි දිනයන්හි පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ලිඛිත අයදුම්පතක් හා එක් එක් ඛාණ්ඩ වලට අදාළව ආපසු ගෙවනු නොලබන ගාස්තුව ගෙවීමෙන් අනතුරුව ලංසුපත් ලබාගත හැකිය. අවශ්‍ය සුදුසුකම් ලංසු ලේඛනයේ සඳහන් කර ඇති අතර ඌව පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත පැමිණ අදාළ ලේඛන නොමිලේ පරීක්ෂා කර බැලිය හැක.

  2. ගව පැටව් ආහාර සඳහා සත්ව ආහාර පනත යටතේ පේරාදෙණිය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සත්ව ආහාර ලේඛකාධිකාරි මඟින් ප්‍රමිතියෙන් යුතු වාණිජ නිෂ්පාදනයක් බව තහවුරු කිරීම සඳහා නිකුත් කරන ලද ලියාපදිංචි සහතිකය (2025 හෝ 2026) ඉදිරිපත් කළ යුතුය. තව ද සත්ව ආහාර සම්බන්ධව මෑතකදි ලබා ගත් විශ්ලේෂණ වාර්තාවක් ලංසු පත් සමඟ ඉදිරිපත් කළ යුතුය. ලංසු ඉදිරිපත් කිරීමේදී ඔබ ආයතනයේ ලියාපදිංචි සහතිකයේ පිටපතක් ද, VAT ලියාපදිංචි සහතිකයේ පිටපතක් ද ඇමිණිය යුතුය.

  3. අනු පිටපතකින් යුක්තව සම්පුර්ණ කරන ලද ලංසු ” මුල් පිටපත ” හා ” අනු පිටපත ” යනුවෙන් සලකුණු කර වෙන් වෙන්ව කවර දෙකක බහා මුද්‍රා තබා ලිපි කවරයේ වම් පස ඉහළ කෙළවරේ ” ගව පැටව් ආහාර / උපකරණ සඳහා මිල ගණන් ඉදිරිපත් කිරීම ” යනුවෙන් සඳහන් කර 2026.03.27 දින ප.ව. 2.00 හෝ ඊට පෙර ලැබෙන සේ සභාපති, ප්‍රසම්පාදන කමිටුව, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, දයා ගුණසේකර මාවත, බදුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ ඉහත ලිපිනයේ ගණකාධිකාරි නිල කාමරයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලීමෙන් ලබා දිය හැක. ප්‍රමාද ලංසු ප්‍රක්ෂේප කරනු ලැබේ.

  4. ඉදිරිපත් කරනු ලබන ලංසු ඉහත වගුවේ සඳහන් ඒ ඒ අයිතම වලට අදාල දිනයන් දක්වා වලංගු විය යුතුය.

  5. ඉහත ඒ ඒ අයිතම සඳහා ලංසු සුරක්ෂණයන් (Bid Bonds) ලංසු ලිපි ලේඛන වල දක්වා ඇති ආකෘතියට අනුකූලව පළාත් අධ්‍යක්ෂ (ඌව), සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නමට ඉදිරිපත් කළ යුතු අතර, එය ද ඉහත වගුවේ සඳහන් ඒ ඒ අයිතම වලට අදාල ලංසු සුරක්ෂණ වලංගු විය යුතු දිනයන් දක්වා වලංගු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කර ඇති රාජ්‍ය/වාණිජ බැංකුවකින් ලබා ගත් ලංසු සුරක්ෂණයක් විය යුතුය.

  6. පූර්ව ලංසු රැස්වීමක්, ඌව පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ දී 2026.03.23 දින ප.ව 2.00 ට පැවැත්වේ.

  7. 2026.03.27 දින ප.ව. 2.30ට ඌව පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේ දී ලංසුපත් විවෘත කිරීමට නියමිත අතර, ඒ සඳහා ඔබට හෝ ඔබගේ බලයලත් නියෝජිතයෙකුට සහභාගී විය හැකිය.

  8. කවර හෝ ලංසුවක් භාර ගැනීමේ හෝ ප්‍රක්ෂේප කිරීමේ පූර්ණ අයිතිය දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව (DPC) සතු වන අතර ප්‍රසම්පාදන කමිටුවේ තීරණය අවසාන තීරණය වනු ඇත.

ඉහත කරුණු සම්බන්ධව යම් විමසීමක් කිරීමට අවශ්‍ය වේ නම් පහත නම් සඳහන් නිළධාරි සම්බන්ධ කරගත හැකිය. නම – ඩබ්.ඩබ්.එන්.ලක්මාලි මිය, තනතුර – සංවර්ධන නිළධාරි, දුරකථන අංකය – 0552228646/0552222698

සභාපති,
දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව,
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව (ඌව),
දයා ගුණසේකර මාවත,
බදුල්ල.
දුරකථන අංකය – 0552228646 / 0552222698